දරුණු වෙඩිතැබීමක් - 7ක් මරුට
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකුට තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය, පසුගිය කාලය තුළ කප්පම් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු වූ බවට සැක පළ කර ඇති අතර, වෙඩි තැබූ පිරිස පලා ගොස් ඇත.
දකුණු අප්‍රිකාවේ සංවිධනාත්මක අපරාධ කල්ලි මෙවැනි ක්‍රියාකාරකම් නිතරම මෙහෙයවමින් පවතින අතර, මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත. පොලිස් වාර්තා අනුව, පසුගිය වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පමණක් දෛනිකව පුද්ගලයින් 63 දෙනෙකු මෙම රටේ අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව සඳහන් වේ.