ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග දිනයන් ගැන මෙන්න විශේෂ නිවේදනයක්..
Education
A/L exam
Exam department
05 grade
By Aruna
2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වනවිටත් නිවේදනය කර ඇති දින පිළිබඳව තවදුරටත් සලකා බලා නියමිත දින ඉදිරියේ දී දැනුම්දීමට කටයුතු කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
මේ අතර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2021 ඔක්තෝබර් 03 වන දින සහ අ. පො.ස. උසස්පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 31 දක්වා පැවැත්වීමට පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කළා.
කෙසේ වෙතත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
