“ආධාර දෙන විදේශිකයන්ගේ සහ දානපතියන්ගේ නම් ව්‍යාපෘතිවල ගහන්න අපි ලෑස්තියි” - ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, මෙරට සංවර්ධන කටයුතුවලට දායක වන දානපතියන්ගේ සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවය සඳහා ඔවුන් ආධාර කරන ව්‍යාපෘතිවල ඔවුන්ගේ නම් සඳහන් කිරීමට රජය සූදානම් බවයි.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමත් ජනජීවිතය යළි ගොඩනැඟීමත් සඳහා රුපියල් බිලියන 500ක දැවැන්ත පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළේය.
භාණ්ඩාගාරයට ඇති බර අවම කිරීම සඳහා පාසල්, රෝහල්, පාරවල් හෝ පාලම් ඉදිකිරීම වැනි කටයුතු "කුඩා ව්‍යාපෘති පැකේජ" ලෙස වෙන වෙනම ඇස්තමේන්තුගත කර ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සහ දානපතියන්ට තමන් කැමති ව්‍යාපෘතියක් තෝරාගෙන සෘජුව දායක විය හැකි අතර, එම ව්‍යාපෘතියේ ඔවුන්ගේ නම ප්‍රදර්ශනය කිරීමටද රජය එකඟ බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
2021 වසරේ භාණ්ඩාගාර ගිණුමේ බිලියන 821ක අයිරාවක් (Overdraft) තිබූ තත්ත්වය, 2025 නොවැම්බර් වන විට බිලියන 1,202ක ධන අගයක් දක්වා වර්ධනය කර ඇති බවත්, මෙම ශක්තිමත් මූල්‍ය කළමනාකරණය නිසා බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට හැකි වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම පියවරෙන් ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිතය ඉක්මනින් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට සහාය වනු ඇති බව විශ්වාස කෙරේ.
ඒ අනුව,
- නිවාස පිරිසිදු කර ගැනීමට සෑම පවුලකටම රුපියල් 25,000 ක්.
- ගෘහ භාණ්ඩ හා උපකරණ හානි වූ පවුල් සඳහා රුපියල් 50,000 ක දීමනාවක්. -ආපදා හේතුවෙන් නිවාස අහිමි වූවන්ට තාවකාලිකව පදිංචි වීමට මසකට රුපියල් 25,000 ක නිවාස කුලී දීමනාවක් (මාස 3ක් සඳහා).
- නායයෑම් අවදානම් කලාපවල නිවාස 17,648ක් සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වන්දි හෝ නව නිවාස ලබාදීම.
- වී සහ ධාන්‍ය වගා හානි සඳහා හෙක්ටයාරයකට රුපියල් 150,000 ක්.
- එළවළු සහ පලතුරු වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 02 ක්.
- මියගිය ගවයෙකු සඳහා රුපියල් ලක්ෂ 02 දක්වා ආධාර.
- ධීවරයින්ට දැල් ආම්පන්න ලබා ගැනීමට රුපියල් ලක්ෂයක වවුචරයක් දීමට නියමිතය.
''ආදරේ කරන්න ඕන කැපවෙන්න ඕන තමන්ට කියලා ආත්ම ගරුත්වයක් තියන මිනිහෙක්ට විතරයි '' කළකිරුණු ප්‍රේමය ගැන දේශානිගෙන් සටහනක්
එසේම,
- හානියට පත් ක්ෂුද්‍ර හා සුළු ව්‍යාපාර 9,600කට රුපියල් ලක්ෂ 02 බැගින් ලබාදීම,
- මහා පරිමාණ ව්‍යාපාර සඳහා ලක්ෂ 250 දක්වා පොලී රහිත සහන ණය,
- ආපදාවට ලක් වූ පාසල් සිසුන්ට රුපියල් 25,000 ක විශේෂ දීමනාවක්, ද දීමට නියමිතය.
“අපි ආර්ථිකය හසුරුවන්නේ ඉතාමත් සංයමයෙන්. භාණ්ඩාගාරයේ සල්ලි ගොඩගසාගෙන ඉන්න එක නෙවෙයි ආර්ථිකයක් කියන්නේ, එහි ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන යා යුතුයි”
යනුවෙන්ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
2027 වන විට සියලුම අධි අවදානම් කලාපවල පදිංචි පවුල් ඉවත් කර ඔවුන්ට සුරක්ෂිත නිවාස ලබාදීමේ දීර්ඝ කාලීන සැලසුමක් ක්‍රියාත්මක කරන බවත්, උද්ධමනය පාලනය කරගනිමින් මෙම බිලියන 500ක මුදල වෙළඳපොළට මුදාහරින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.