ජනපති පොරොන්දු වූ රු. 25,000 ආධාරය ඉල්ලා රටපුරා විරෝධතා
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ නිවාස පිරිසිදු කිරීම සඳහා රජය විසින් පොරොන්දු වූ රුපියල් 25,000ක මූල්‍ය ආධාරය මෙතෙක් ලැබී නොමැති බව පවසමින් රටේ විවිධ ප්‍රදේශවල ජනතාව මේ වන විට උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිති.
විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ, ආපදාව සිදුවී කාලයක් ගත වුවද ජනාධිපතිවරයා ප්රමුඛ රජය පොරොන්දු වූ මෙම මුදල තවමත් ලබාදීමට කටයුතු කර නැති බවයි.
ඊයේ (19) පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් දහසකට අධික පිරිසක් රජයට චෝදනා කරමින් විරෝධතාවක නිරත වූ අතර, එහිදී වනාතවිල්ලුව මාර්ගයේ ගමනාගමනය දිගු වේලාවක් සම්පූර්ණයෙන්ම ඇණහිට තිබූ බව පොලිසිය පවසයි.
මෙම විරෝධතා හේතුවෙන් ප්‍රදේශයේ ජනජීවිතයටද බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමට රජය වහාම පියවර ගන්නා ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.