ලංකාවට ඉන්දියාවෙන් ලිපියක් - බෙහෙත ආයෙත් පරික්ෂා කරන්නැයි ඉල්ලයි

Report

ඉන්දීය සමාගම විසින් මෙරට සෞඛ්‍ය බලධාරීන් වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ මතභේදාත්මක ඖෂධ ජාත්‍යන්තර මට්ටමේ රසායනාගාරයකින් පරීක්ෂා කරන ලෙසයි.

"මාන් ෆාමසියුටිකල්ස්" නම් ඉන්දීය සමාගම විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ජාතික ඖෂධ නීතිගත සංස්ථාව හා වෛද්‍ය සැපයුම් අංශය වෙත ඊයේ දිනයේ ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

Dialog හා Mobitel භාවිතා කරන ඔබට සුභ ආරංචියක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටියේ ඒ සඳහා යන වියදම් දැරීමට සිය සමාගම සූදානම් බව ද අදාළ ලිපියෙන් ඔවුන් දැනුම් දී ඇති බවයි.

"මාන් ෆාමසියුටිකල්ස්" ඖෂධ සමාගමෙන් මෙරටට ආනයනය කරනු ලබන මතභේදයට තුඩුදුන් 'ඔන්ඩැන්සෙට්‍රෝන්' ඇතුළු එන්නත් වර්ග 10ක් මෙරට භාවිතය තාවකාලිකව අත්හිටුවීමට ඖෂධ නියාමන අධිකාරිය මේ වන විට පියවර ගෙන ඇත.

බැංකු ගිණුම්වලට සල්ලි මෙන්න - ඉල්ලුම් කළේ නැත්නම් අදම ඉල්ලුම් කරන්න

බැංකු ගිණුම්වලට සල්ලි මෙන්න - ඉල්ලුම් කළේ නැත්නම් අදම ඉල්ලුම් කරන්න