හෙට දිනයේ වැසි තත්වය

Report

හෙට දිනයේ (21) නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

තවද සබරගමුව පළාත, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකියාව පවතී.

එවගේම එම නිවේදනයේ සඳහන් වෙන්නේ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි.

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

අළුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නැගෙනහිර දුම්රිය මාර්ගයත් අද සිට විවෘතයි

නැගෙනහිර දුම්රිය මාර්ගයත් අද සිට විවෘතයි