හික්කඩුව මුහුදේ ගිලී බෙලරූස් ජාතිකයෙකු මරුට
හික්කඩුව, වෑවල මුහුදු තීරයේ දියේ ගිලීමෙන් විදෙස් ජාතිකයෙකු මියගොස් ඇත.
පොලීසිය සදහන් කළේ වෑවල මුහුදු තීරයේ දියනාමින් සිටි විදෙස් ජාතිකයෙකු දියවැලකට හසුව දියඹට ඇදීගොස් නැවත ගොඩට ගසා ගෙනවිත් ඇති බවයි.
ඉන්පසුව පසුව 1990 ගිලන්රථ සේවාව මගින් එම විදෙස් ජාතිකයා බලපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි බෙලරූස් ජාතකයෙකු බව සඳහන් ය.
තවද ඊයේ (19) පස්වරුවේ හික්කඩුව වෙරළ ආසන්න මුහුදේ දියනෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් ද මෙලෙස දිය වැළකට හසුවී ගසාගෙන යමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරා ගැනීමට කටයුතු කර ඇත.
පොලීසිය සදහන් කළේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 44 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක් බවයි.