ස්ටාර්ලින්ක් භාවිතා කරාට දඩ ගහලා
ස්පේස්එක්ස් සමාගමේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව නීතිවිරෝධී ලෙස චීන මුහුදු සීමාව තුළ භාවිතා කළ විදේශීය නෞකාවකට එරෙහිව චීන බලධාරීන් දඩ පනවා ඇත.
චීනයේ ජෙජියැං පළාතේ පිහිටි නිංබෝ වරායේදී සමුද්‍ර ආරක්ෂණ නිලධාරීන් විසින් සිදු කළ සාමාන්‍ය පරීක්ෂාවකදී මෙම නෞකාව හසු වී ඇති අතර මෙවැනි සිදුවීමකට අදාලව චීනය දඩයක් පැනවූ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.
එහිදී නෞකාවේ ඉහළ තට්ටුවේ සවිකර තිබූ කුඩා සෘජුකෝණාස්‍රාකාර ඇන්ටනාවක් නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී ඇති අතර මෙය සාමාන්‍ය සමුද්‍ර සන්නිවේදන උපකරණවලට වඩා බෙහෙවින් වෙනස් බව නිලධාරීන් හඳුනාගෙන ඇත.
මෙය විදේශීය සමාගමක් විසින් නිපදවන ලද පහළ කක්ෂගත චන්ද්‍රිකා (LEO) සන්නිවේදන මෙවලමක් බව තහවුරු වූ අතර ඡායාරූප මගින් එය ස්ටාර්ලින්ක් උපාංගයක් බවටයි හඳුනාගෙන ඇත.
ස්ටාර්ලිනික් භාවිතය චීනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට එරට රජය විසින් සමාලෝචනය කර තිබු අතර නෞකාව චීන මුහුදු සීමාවට ඇතුළු වූ පසුවත් දිගින් දිගටම මෙම උපකරණය භාවිතා කරමින් දත්ත හුවමාරු කර ඇත.
මෙම සිද්ධිය චීන මුහුදු සීමාව තුළ නීතිවිරෝධී චන්ද්‍රිකා සන්නිවේදන භාවිතයට එරෙහිව ගත් පළමු සාර්ථක නියාමන ක්‍රියාමාර්ගය බව එරට මාධ්‍ය පවසයි.