යුරෝපා සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වගන්න සැලසුම්
විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරන්නේ යුරෝපිය රටවලින් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට රජය මැදිහත් වන බවත්, ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.
තව දුරටත් අමාත්‍යවරයා සදහන් කළේ යුරෝපා රටවල්වලින් වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙන බව පෙන්වා දුන් එතුමා සංචාරකයින්ගේ පැමිණීම ප්‍රතිශතයක් ලෙස ගත් විට යුරෝපා සංචාරකයින් වැඩි බවත් අමාත්‍යවරයා සදහන් කර තිබේ.
ඒවගේම ස්කැනේඩියානු , එක්සත් රාජධානිය ,ඕස්ටේලියාව , නවසීලන්තය වැනි රටවල් සඳහාද ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් සිදුකළ වග එතුමා සදහන් කර තිබේ.
එලෙස සදහන් කළ රටවල සංචාරකයන් පැමිණීමේ සැළකිය යුතු වර්ධනයක් සිදු වී ඇති බවත් එතුමා තව දුරටත් ප්‍රකාශ කර ඇත.