ගුරුවරු ඇතුලු රාජ්‍ය සේවකයින්ගේ යළි වැටුප් වැඩිවීමක්?..

Government Employee Sri Lanka
By Aruna Oct 06, 2022 04:41 AM GMT
Aruna

Aruna

Report

රටේ පවතින අර්බුදය හමුවේ ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවර ගෙන නොමැති බවයි.

ජෝසෆ් ස්ටාලින් මහතා මෙම අදහස් පළ කළේ, ගුරු විදුහල්පති අයිතීන් දිනවන නියෝජිත සමුළුවට එක්වෙමිනි.

“අද වෙනකොට ආණ්ඩුව ගෙනියලා තියෙන මේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ සම්පූර්ණයෙන්ම රට බංකොළොත් කරලා තියෙන්නේ.

අද මේ රටේ ජනතාවට ජීවත්වෙන්න බෑ. ජනතාවගෙන් කොටසක් තමයි 247,000ක් වුණ ගුරුවරු.

මේක නිසාම අපි තීරණය කළා පැහැදිලි තීරණයක් ගන්න අපේ වැටුප් වැඩිකිරීමක් හෝ එහෙම නැත්නම් දීමනාවක් ලබාගැනීමට.

මේ වනවිට ගුරුවරුන්ට පාසලට එන්න විදියක් නෑ. බරපතළ ගමන් වියදමක් දරන්න වෙලා තියෙන්නේ.

මේක ගැන අපි ආණ්ඩුවට කරුණු දැක්වුවා.”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha