රාජ්‍ය සේවා බඳවා ගැනීම් සහ සියලු විභාග සහ ප්‍රතිඵල නතර කෙරේ..

Government Employee Sri Lanka Department of Examinations Sri Lanka
By Aruna Aug 24, 2022 03:01 AM GMT
Aruna

Aruna

Report

පැවැත් වූ විභාගවල ප්‍රතිඵලත් අත්හිටුවයි

රාජ්‍ය සේවයට බදවා ගැනීමේ කිසිදු විභාගයක් නොපවත්වන ලෙස මුදල් අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුවට ඊයේ (23 වැනිදා) දැනුම් දී තිබෙනවා.

එම දැනුම් දීමට අනුව මේ දක්වා පවත්වා ඇති බඳවා ගැනීමේ විභාගවල ප්‍රතිඵල ද නිකුත් නොකළ යුතු බව දන්වා ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය.

පාසල්වල පවතින සෞන්දර්ය, ගෘහ ආර්ථික විද්‍යා සහ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ පැවැති විභාගයේ ප්‍රතිඵල ද නිකුත් කිරීමට නොහැකි වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

එම ප්‍රතිඵල නිකුත් කරන ලෙස විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් නොකළ බවත් එම ප්‍රතිඵල නිකුත් කළහොත් බඳවා ගැනීම් කිරීමට සිදුවීම ඊට හේතුවන බවත් එම ප්‍රකාශකයා කීවේය.

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් නතර කිරීමට පියවර ගත්තේ මෙම වසරේ අයවැය යෝජනාවක් අනුව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now