රාජ්‍ය සේවකයිගේ වැටුප් සම්බන්ධයෙන් සේවකයින් කරන්න යන දේ මෙන්න.

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Aruna Nov 16, 2022 02:52 AM GMT
Aruna

Aruna

Report

පෙරේදා (14 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ 2023 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් සඳහන්ව නොතිබීම හේතුවෙන් අද (16 වැනිදා) සිට සියලුම රාජ්‍ය සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

රජ්‍ය සේවකයින්ට 2016 වසරෙන් පසුව වැටුප් වැඩි වීමක් මෙතෙක් සිදු නොවූ බවත් එම වසරේදී රුපියල් දසදහසක වැටුප් වැඩිවීමක් සිදු වූ බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් රාජ්‍ය සේවක වැටුප් හා දීමනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමග මුදල් අමාත්‍යාංශයේදී පසුගිය 01 වැනිදා සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම වැටුප් හා දීමනා සම්බන්ධයෙන් සලකා බලන බවට ප්‍රකාශ කළ බවද හෙතෙම කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now