රාජ්‍ය සේවකයන්ට විශේෂ දීමනාවක්..ලැබෙන්නෙ මේ අයටලු..

Government Employee Sri Lanka
By Aruna Aug 31, 2022 07:48 AM GMT
Aruna

Aruna

Report

දින පහම සේවයට වාර්තා කරන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන දීමනාවක් ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එකග වී ඇත.

ප්‍රවාහන ගාස්තු හා ඉන්ධන මිල අධිකවීම හා ඉන්ධන මිල ඉහල යාම පිලිබදව අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා සමග කල සාකච්චාවකදී මෙම එකගතාව පල වූ බව සංවර්ධන නිලධාරී සේවා සංගමය සඳහන් කරයි.

මීට අමතරව රාජ්‍ය සේවකයන් බැංකු මගින් ලබාගෙන තිබෙන ණය වෙනුවෙන් අයකරන පොලී මුදල ඉහල දමා ඇති බවත් ඒ සඳහා ද සහනයක් ලබාදීම සඳහා මැදිහත් වීමක් සිදු කරන බවට ලේකම්වරයා පොරොන්දු වූ බවත් සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා පැවසීය.

සතියේ දින පහම සේවයට වාර්තා කිරීමේ දී ප්‍රවාහන වියදම් ලෙස අධික මුදලක් වියදම් වෙන නිසා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කළ බවත් ඊට යහපත් ප්‍රතිචාර ලැබුණු බවත් හෙතෙම කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now