අද සිට රාජ්‍ය සේවයට සිදුවන දේ මෙන්න..

Covid Corona Sri Lanka Government service
By Aruna Jan 03, 2022 12:06 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය සේවා කටයුතු අද (03) දිනයේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය දා ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට අදාළ උපදෙස් මේ වනවිටත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි.

ඒ අනුව අද (03) උදෑසන ජාතික ධජය ඔසවා, ජාතික ගීය වාදනය කර රාජ්‍ය සේවා දිවුරුම ලබාදී රාජකාරී කටයුතු ආරම්භ කරනු ඇති.

කොවිඩ් ව්‍යාප්තියත් සමඟ අවස්ථා කිහිපයක දී රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයට යොමු කළ අතර අත්‍යවශ්‍ය සේවකයන් පමණක් සේවයට කැඳවනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now