රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුව ගැන නවතම ආරංචිය මෙන්න.ඩ

Sri Lanka Dulls alahapperuma Government servern
By Aruna Aug 24, 2021 06:00 AM GMT
Aruna

Aruna

Report

රාජ්‍ය අංශය තුළ සේවය කරන කිසිදු සේවකයෙකුගේ වැටුප් කප්පාදුවක් කිරීමට තීරණය කර නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඔහු ඒ බව සඳහන් කළේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

"රාජ්‍ය තුළ ඉන්න කිසිදු සේවකයෙකුගේ කිසිදු වෙලාවක වැටුප් කප්පාදු කරන්නට රජයේ කිසිම දේශපාලකයෙක් යෝජනා කරලා නෑ.

ඉල්ලීම් කරලා තියෙනවා. එමෙන්ම බලකිරීමකින් හෝ තෙරපීමකින් කිසිම අරමුදලක් හදන්නවත් කිසිසේත්ම උත්සහ ගන්නේ නෑ.

මම වගකීමෙන් කියනවා." ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩල තීන්දුව ලබන සතියේ දැනුම් දෙන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කියයි.

සැප්තැම්බර් අවසාන සතියේ හෝ ඔක්තෝබර් මුල් සතියේ පාසල් නැවත විවෘත කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදාළ පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇති බව දැනගන්නට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha