රජ්‍ය සේවක වැටුප රුපියල් 10000 කින් වැඩි කරන්න..නැත්නම් වෙන දේ මෙන්න.
අයවැය සම්මත වීමට පෙර රජයේ සේවකයින්ට අවම වශයෙන් රුපියල් දස දහසක දීමනාවක් ලබා නොදුන හොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහනුවර - අලවතුගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙවර අයවැයෙන් කිසිදු වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවකයින්ට ලබාදී නොමැති බවයි.
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇති හෙයින් දීමනාවක් ලබාදීම රජයේ වගකීම බව ද ඔහු සදහන් කළා.
මේ අතර බස් ගාස්තු සංශෝධනයක් කිරීම සඳහා අවසර ඉල්ලීමට පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සුදානම් වනවා.
ජනවාරි පළමු වැනිදා සිට ගාස්තු වැඩි විය යුතු බවයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 ක් විය යුතු බවට එම සංගමය තීරණය කර තිබෙනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සහ ප්‍රවාහන අමාත්‍යංශයට එම යෝජනා ලබන සතියේ යොමු කරන බවයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |