රාජ්‍ය සේවකයින්ගේ නිවාඩු සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කෙරේ..
Government Employee
Sri Lanka
By Aruna
කොරෝනා සමයේ අනුගමනය කළ සහනදායී වැඩපිළිවෙළ තුළ, රාජ්‍ය නිලධාරීන් ලබා ගන්නා ලද නිවාඩු ගණනය කිරීම සඳහා වන ක්‍රමවේදයක් ඇතුළත් චක්‍රලේඛයක්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛය අනුව 2020 මාර්තු මස 13වැනිදා දක්වා යම් නිලධාරියෙක් අනියම් හෝ විවේක නිවාඩු ලබා ඇත්නම් එම නිවාඩු අදාළ නිලධාරියාට එම වසර සදහා හිමි වාර්ෂික නිවාඩු හිමිකමින් අඩු කළ යුතුය.
රට සම්පූර්ණයෙන්ම අගුළු ලා තිබූ කාලයට අදාලව නිවාඩු අඩු නොකළ යුතුය.
මීට අමතරව පොලිස් ඇදිරි නීතිය පනවා තිබූ කාලය,නිරෝධායනයට යොමු කර තිබීම,කොවිඩ් නිසා ආයතන වසා දැමීම ආදිය ද සලකා බලා නිවාඩු ගණනය කිරීමට ද මෙම චක්‍රලේඛය මගින් උපදෙස් දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |