රජයේ සහල් ගබඩා හිස් වෙයි.

Government Of Sri Lanka Sri Lanka Food Crisis
By Wayomi Dec 31, 2022 04:19 AM GMT
Wayomi

Wayomi

Report

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල සහල් සංචිත නොමැති බව වාර්තා වෙනවා.

වසරකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක සහල් සංචිතයක් පවත්වාගෙන යාම ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැවරී ඇති කාර්යභාරයයි.

නමුත් වසර ගණනාවක සිටම රජයේ ගබඩා වල එවැනි ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාම සිදුව බව සඳහන්.

මේ සම්බන්ධයෙන් එහි කොමසාරිස් ජනරාල් උපුල් ශාන්ත ද අල්විස් මහතා පවසන්නේ,රජයේ ගබඩා සතුව මේ වන විට පවතින්නේ ආධාර වශයෙන් මෙරටට ලැබුණු ආහාර සංචිත පමණක් ඉතිරිව ඇති බවයි.

ඒ අනුව ආහාර දෙපාර්තමේන්තුව සතු ගබඩාවල ඇත්තේ, ලෝක ආහාර වැඩසටහන, මෙරට පාසල් ළමුන් වෙත බෙදාහැරීමට චීනයෙන් ලැබුණු සහ මියන්මාරයෙන් හිමි වූ සහල් මෙට්‍රික්ටොන් 4,400ක් පමණයි.

එම දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යා යුතු මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතය සඳහා පසුගිය වසරේදි ලබාදි තිබූ රුපියල් කෝටි 20 ක ප්‍රතිපාදන ආපසු හරවා යවා ඇති බව විගණන වාර්තාවල පවා සඳහන් වෙනවා.

ඒ අනුව ආරක්ෂිත සහල් සංචිතයක් පසුගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වාම පවත්වාගෙන නොයාම හමුවේ අදාළ ප්‍රතිපාදන රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අර්බුධයට හේතු වී ඇති කරුණු අතරට, වී අලෙවි මණ්ඩලය ගොවින්ගෙන් වී මිලදි ගැනීමේදී හටගත් අර්බුදකාරි තත්ත්වය බලපා තිබෙනවා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW