රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට විශේෂ නියෝජිත ආයතනයක්
Ranil Wickremesinghe
Sri Lanka
By Sewvandhi
ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට පරිගණක යෙදුම් නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ අද (07) පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදීයි මෙතෙක් රාජ්‍ය ආයතන සඳහා පරිගණක යෙදුම් නිර්මාණය කිරීම පෞද්ගලික ආයතන මඟින් සිදුවූ අතර ඉදිරියේ දී එම කටයුතු ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනය මගින් පමණක් සිදු කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා එහිදී පැවසුවේ
එමෙන්ම රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට ද ජනාධිපතිවරයා විසින් මෙහිදී යෝජනා කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |