කොමිස් නෑ..ගැහිලි නෑ..ගමේ පාර කාපට් කරන්න යන මුදල ගමටම ප්‍රදර්ශනය කරයි..

Report

හෝමගම ප්‍රාදේශීය සභාවේ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමේ දී අදාළ ව්‍යාපෘතිය සඳහා වැය වන මුදල සඳහන් ඇස්තමේන්තුව අදාළ ව්‍යාපෘතිය සිදුවන ස්ථානය අවට ප්‍රදර්ශනය කළ යුතු බවට තීරණයක් ගෙන තිබෙනවා.

මෙම තීරණයට අනුව හෝමාගම, පාලගම, දේරුක්උන්න මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ දී වැය වන මුදල මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට පසුගිය දා කටයුතු කර තිබුණා.

වැරදි පුරුද්දක් නිසා හෘදයාබාධ අවදානම්... කොල්ලොනේ පරිස්සමින්

වැරදි පුරුද්දක් නිසා හෘදයාබාධ අවදානම්... කොල්ලොනේ පරිස්සමින්

ඇස්තමේන්තුව එලෙස ප්‍රදර්ශනය කර ඉදිකිරීම් කටයුතු සිදුකිරීම පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ ප්‍රසාදය හිමි වූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ. මේ අතර ඉදිරියේ දී භාෂා ත්‍රිත්වයෙන්ම ඇස්තමේන්තු අදාළ සංවර්ධන ව්‍යාපෘතිය සිදුවන ස්ථානයේ දර්ශනය කළ යුතු බවටවන තීරණයක් ද ගෙන තිබෙනවා.

ඒ වගේම මාර්ගය විවෘත කිරීමේදී සවි කරන පුවරු සවි නොකරන අතර එවෙනුවෙන් වැයවන මුදලද ව්‍යාපෘතිය සඳහා යොදවා තිබීමම විශේෂත්වයක්.

සජිත්ගෙන් දියණියට සටහනක්

සජිත්ගෙන් දියණියට සටහනක්

GalleryGalleryGalleryGallery