සුබසාධක දීමනා අයදුම්පත් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින් ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 22කගේ වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර තිබෙනවා.
ඒ සදහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලද අයැදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයැදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් මාතර දිස්ත්‍රික්කයේ වන අතර දිවයිනම ආවරණය වන පරිදි අයැදුම්පත් 2,227,888 ක තොරතුරු තහවුරු කර ගැනීම සිදුකර ඇත.
මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් කඩිනමින් අදාළ තොරතුරු සමීක්ෂණ කටයුතු සිදුකරන නිලධාරීන් වෙත නිවැරදිව දත්ත ලබා දීමට කටයුතු කරන ලෙස රජය අයැදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරයි.
එසේම නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අයැදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව රජය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
