චීනය නිසා පිලිපීනය ගත් දැඩි තීරණය..
දකුණු චීන මුහුදේ සිදු කරන හමුදාමය ක්‍රියාකාරකම් පුළුල් කිරිමට පිලිපීන රජය එරට හමුදාවට නියෝග කර ඇත.
ඒ අදාළ මතභේදාත්මක මුහුදු කලාපය තුළ සිදු කරන චීන ක්‍රියාකාරකම් හේතුවෙන් මතුව ඇති තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසය.
පිලිපීනයේ බටහිර මුහුදු සීමාව තුළ මැදිහත්වීම් දැඩි කිරීමටත්, Pag – asa දූපත ආශ්‍රිතව චීන ක්‍රියාකාරකම් සමීපව නිරීක්ෂණය කිරීමට පිලිපීන රජය සිය හමුදාවට උපදෙස් ලබා දි ඇත.
පිලිපීනය මෙලෙස සිය මුහුදු කලාපයේ ආරක්ෂක තහවුරු කිරීමට දැඩි අවධානය යොමු කළේ ඉකුත්දා චීනය විසින් මතභේදාත්මක දකුණු චීන මුහුදු සීමාවේ දූපත් ආශ්‍රිතව සිදු කළ ඉදිකිරීම් බව හේතුවෙන් ය.
චිනයේ එම ක්‍රියාකාරකම් පිලිපීනය ද හිමිකම් කියන Pag – asa දූපතේ ආරක්ෂාවට තර්ජනයක් බව පිලිපීනය පවසන අතර එබැවින් ජාත්‍යන්තර නීති පද්ධතිය අනුගමනය කරන ලෙස ද පිලිපීනය චීනයෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේවෙතත් මතභේදාත්මක දූපත් කලාපය තුළ සිදුකරන ඉදිකිරීම් ගැන පිලිපීනය එල්ල කරන චෝදනා, චීනය විසින් ජාත්‍යන්තරය හමුවේ ප්‍රතික්ෂේප කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |