රජයෙන් අලුත්ම සැලැස්මක්..පළාත් මට්ටමින්ම කරන්න යයි..

Sri Lanka Police Ministry of Defense Sri Lanka Latest Headlines Ananda Wijepala
By Sewvandhi Jan 13, 2025 04:26 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසන්නේ,ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

මෙලෙස පළාත් මට්ටමින් අපරාධ කොට්ඨාස ස්ථාපිත කිරීමේ අරමුණ වී ඇත්තේ, අපරාධ මැඩපැවැත්වීම හා විමර්ශන විධිමත් කිරීමයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ, එම කොට්ඨාස පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇති බවයි.

මේ වන විටත් බස්නාහිර හා දකුණු පළාත් සඳහා අපරාධ කොට්ඨාස ස්ථාපිත කර ඇති අතර කැබිනට් අනුමැතිය හිමිවිමෙන් පසු සෙසු සියලු පළාත් සඳහා ද එම කොට්ඨාස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

…………………………………………………………………………………………………

You may like this video 👇



ReeCha