ගමේ පාසල්වලට රජයෙන් රතු එළියක්...කරන්නේ යන්නේ මොනවද?
ආණ්ඩුව මගින් අධ්‍යාපන පාසල් ප්‍රතිව්‍යුහගත ව්‍යාපෘතිය යටතේ සිසුන් අඩු ප්‍රාථමික පාසල් එක්දහස් පන්සිය පනස් හතක් වසා දැමීමට හඳුනා ගෙන ඇතැයිද එමගින් දැනට සියයට තුනක් පමණ තිබෙන ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරීම අත්හරින දරුවන්ගේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යෑමේ අවදානමක පවතින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා චෝදනා කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදීය. “ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මේ සඳහා ප්‍රමුඛස්ථානයද ලබා දී ඇතැයි සභාපතිවරයා පෙන්වා දෙයි.
මෙමඟින් හුදෙකලා වූ තවත් පාසකට ළඟාවිය හැකි ඉතා දුර වූ දුෂ්කර ප්‍රදේශවල වූ පාසල් දරුවන්ට විශාල අසාධාරණයක් වන බවද හෙතෙම කියා සිටියේය.
මෙමගින් පාසල් දරුවන් දස දහසක පමණ ග්‍රාමීය දුෂ්කර දරුවන් ප්‍රමාණයක් අසරණ වන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සදහන් කලේය.
මෙයට පෙර පැවති ආණ්ඩු මේ ප්‍රතිසංස්කරණ ගෙන ඒමට සූදානම් වෙද්දි එදා සටන් බිමේ සිටි වත්මන් ආණ්ඩුවේ පිරිස්ම මෙය සිදු කිරීම විමතියට කරුණක් බවද ඒ මහතා කීය. රටේ පවතින හතළිස් දහසක පමණ ගුරු හිඟයට පිළියමක් ලෙස, ‘ පය බරවාට පිටිකර බෙහෙත් බැන්දා’ සේ මෙවැනි පිලියම් යෙදීම මේ රටේ නිදහස් අධ්‍යාපනයට කන කොකා හැඬීමක් බවද සභාපතිවරයා අවධාරණය කළේය.
අධ්‍යාපන පාසල් ප්‍රතිව්‍යුහගත ව්‍යාපෘතිය මගින් උසස් පෙළ හදාරන ළමුන් පහළවට අඩු උසස් පෙළ අංශද වසා වෙනත් පාසල් වලට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ඒ මහතා කීය.
මෙමගින්ද සාමාන්‍ය පෙළින් තේරී පත්වූ ළමුන් උසස්පෙළ කිරීමෙ අවදානමක්ද ගොඩනැගෙන බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
මේ සඳහා කළ යුත්තේ අදාළ පාසල් වලට විෂයට අදාළ ගුරුවරු සපයා පහසුකම් සැලසීම මිස එම අංශ වසා දැමීම නොවන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ ඊනියා ප්‍රතිසංස්කරණයට ලංකා ගුරු සංගමයේ බලවත් විරෝධය පළ කරන අතර මේ ව්‍යාපෘති යටතේ උතුරු මැද පළාතේ පාසල් කිහිපයක් නියමු ව්‍යාපෘතියක් වශයෙන් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් තිබෙන බවද ඒ මහතා අවධාරණය කළේය.”
