cidය ගැන මන්ත්‍රී නාමල් කියපු අමුතුම කතාව

Report

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නමින් යුත් වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය කරන විටත් එහි ඇත්තේ බොරු යැයි වත්මන් ඇමතිවරුන් දැන සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

“මම දැක්කා ආණ්ඩුවේ සමහර ඇමතිවරු මාධ්‍යයට ඇවිල්ලා කියනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන හැම එකක්ම කරන්න් ඕනෙත් නැහැයි කියලා.

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් දරුවෙකු මරුට

පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් දරුවෙකු මරුට

එතකොට ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රින්ට් කරනකොටම දන්නවා බොරු ලිව්වේ කියලා. තවත් සමහරු කියනවා අපි දැනන් හිටියෙ නෑ මේක මෙච්චර අමාරු වැඩක්ය කියලා. එදා තමන්ගෙ මැතිවරණයට ගෙයින්ගෙට ඇවිද්ද උපාධිධාරීන්ට අද පාරදිගේ එළව එළවා බැටන් පොල්ලෙන් ගහනවා. දැන් ආයෙ දේශපාලන දඩයම ක්‍රියාත්මක වෙනවා එක පැත්තකින්.

අපට නම් ඒක පුරුදුයි, මට විතරක් නෙවෙයි අපේ ආච්චිටත් පුරුදුයි. 97 යි වයස. ආච්චිත් ඇප පිට ඉන්නෙ. පහුගිය කාලෙත් ගිහිල්ලා කට උත්තරයක් දීලා ආවා.

දැන් චාමර සම්පත් මන්ත්‍රීතුමාව මං දැක්කා රක්ෂිත බන්ධනාගාරගත කරලා. වැරදි පෙන්නනකොට, පාර්ලිමේන්තුවේ හඬක් නැඟුවාම ටික කාලයක් යනකොට රක්ෂිත බන්ධනාගාරගත කරනවා. මාව දාන්න ට්‍රයි කළා, හරි ගියෙ නෑ, හැබැයි මල්ලිවයි ආච්චිවයි දැම්මා.

නව පොලිස්පතිවරයා ගැන හෝඩුවාවක්

නව පොලිස්පතිවරයා ගැන හෝඩුවාවක්

මාව දාන්න තවම උත්සාහ කරනවා. ඒකෙ ප්‍රශ්නයක් නෑ, අපි බය නෑ. අපිට හිරගෙදරත් එකයි රජගෙදරත් එකයි. දැන් මහාචාර්ය ආචාර්යවරු 159ක් පාර්ලිමේන්තුවට යැව්වා. CID එකට වැඩ වැඩියි දැන්, මොකද ඒ අයගේ මහාචාර්ය ආචාර්යකම් හොයන්න වෙලා.

වෙන දේවල් හොයන්න වෙලාවක් නෑ. එක්කෝ ඒ අයගේ පවුල් ප්‍රශ්න. මහත්තයාගෙ වාහනේ නෝනා ගෙනිහිල්ලා, නෝනාගෙ වාහනේ මහත්තයා ගෙනිහිල්ලා. අද පොලීසියට වැඩ වැඩියි ඒවා හින්දා.”