ගාලු කොටුවේ මාරක පිම්ම ගැන රජයෙන් තීරණයක්
ගාලු කොටුවේ මාරක පිම්ම ලෙස ජනප්‍රිය, තරුණයින් පිරිසක් විසින් සිදු කරන කොඩිගල සිට මුහුදට පැනිමේ ක්‍රියාව තවදුරටත් ආරක්ෂිතව සිදු කරගෙන යාම සදහා විකල්ප වැඩපිළීවෙලක් සකස් කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද ජනප්‍රිය වසර 15ක පමණ කාලයක් පුරා සිදු කරගෙන ගිය මෙම ක්‍රියාව, පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් පසුගිය සිකුරාදා දිනයේ සිට සිදු කිරිමට නොහැකි වී ඇති බවට වාර්තා පල වී තිබුණි.
ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිළධාරින් සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත එම ස්ථානයේ මෑතකදී සිදු කළ සංරක්ෂණවලදී පැරණි ප්‍රදීපාගාරයේ පාදම සහ කොඩිය රැදවූ ස්ථානය හමුවී ඇති අතර අදාල තරුණයින් එක් පිම්මක් සදහා දිව යන්නේ ඒ හරහා බවයි පුරා විද්‍යා නිළධාරින් පෙන්වා දී ඇත.
මේ වන විට එහි සංරක්ෂණ කටයුතු සිදු කෙරෙන නමුත් ඉන් තරුණයින් සිදු කරන මුහුදු පැනීමේ ක්‍රියාව සම්පූර්ණයෙන් නතර වී නොමැති බව ඔවුන් සදහන් කර තිබේ.
කෙසේ වෙතත් ගාලු කොටුවේ මාරක පිම්ම ලොව පුරා ජනප්‍රිය වී ඇති බැවින් එය තවදුරටත් ආරක්ෂිතව කරගෙන යාම සදහා විකල්ප වැඩපිළවෙලක් හදුන්වා දෙන ලෙසයි සංචාරක අමාත්‍යවරයා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදි ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |