ඔක්තෝබර් 1වනදා සිට ඉන්ධන සහනාධාරයක් ලබාදෙයි.. තවත් සුවිශේෂී සහනාධාරයක් 10000කින් ඉහළ දමයි..!

Anura Kumara Dissanayaka Government Of Sri Lanka Sri Lanka Fuel Crisis Latest Headlines AKD
By Sewvandhi Sep 26, 2024 12:48 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ධීවර ප්‍රජාවට ඔක්තෝබර් 01 වැනිදා සිට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට වගබලා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් මාසික පදනමින් ලබා දීමට මෙමඟින් කටයුතු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනු ලබන්නේ.

එමෙන්ම මෙම සහනාධාරය සෘජුවම ධීවරයින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කෙරෙන බවයි එම නිවේදනයේ සඳහන්.

යළිත් දේශපාලනඥයින්ට පාසල් වලට එන්න බෑ..ශිෂ්‍යත්වය ගැනත් තීරණයක්..විභාග ප්‍රතිඵලත් කඩිනමින්.. ඇමතිනිය වැඩ අරඹයි..!

යළිත් දේශපාලනඥයින්ට පාසල් වලට එන්න බෑ..ශිෂ්‍යත්වය ගැනත් තීරණයක්..විභාග ප්‍රතිඵලත් කඩිනමින්.. ඇමතිනිය වැඩ අරඹයි..!

2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මෙතෙක් හෙක්ටයාරයකට ලැබුණු රුපියල් 15,000/- ක පමණ වූ පොහොර සහනාධාර දීමනාව රුපියල් 25,000/ දක්වා වැඩි වනු ඇති.

මෙම සහනාධාරය ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මකයි. කාර්යක්ෂම හා ඵලදායි ලෙස එම සහනාධාරය ගොවීන් වෙත ලබාදීම සඳහා අදාළ මුදල් සෘජුවම ගොවින්ගේ බැංකු ගිණුම් වෙත ප්‍රේෂණය කිරීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

නිවැරදි කෘෂි යෙදවුම් කළමනා කරණයක් අරමුණු කර ගනිමින් සාධාරණ මිලට පොහොර ඇතුළු කෘෂි යෙදවුම් ලබා දීම සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලට අනුව රසායනික හා කාබනික පොහොර ඇතුළු කෘෂි යෙදවුම් සඳහා සහනාධාර ලබා දීම පිළිබඳ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන අතර ඒ අනුව මෙම පියවර ගෙන තිබෙනවා.

අනේ දැනටමත් මෙහෙම වෙලාද..? නව ආණ්ඩුවත් සමග ඉදිරියේදී බඩු මිලට සිදුවන දේ..

අනේ දැනටමත් මෙහෙම වෙලාද..? නව ආණ්ඩුවත් සමග ඉදිරියේදී බඩු මිලට සිදුවන දේ..

Gallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%