ජනපති අද සිදුකළ සුවිශේෂී කටයුත්ත..
Ranil Wickremesinghe
President of Sri lanka
By Sithumi
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොත්මලේ මහවැලි මහසෑය පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කොත්මලේ මහවැලි මහසෑය භාරකාර විහාරාධිපති පූජ්‍ය තිස්පනේ ජිනානන්ද නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කළ බවයි.
ඉන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුදබිමේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වී තිබුණා. දිවංගත ගාමිණි දිසානායක මහතාගේ සංකල්පයකට අනුව මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ 1980 දශකයේ මුල් භාගයේ ඉදිකිරීම් ආරම්භ කළ කොත්මලේ මහවැලි මහසෑය මෙරට විශිෂ්ඨ නිර්මාණයක් වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |