ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනපති දුන් තීන්දුව මෙන්න..

Mahinda Rajapakshe Gotabaya Rajapakshe Petrol Besil Rajapakshe
By Aruna Oct 12, 2021 04:27 AM GMT
Aruna

Aruna

Report

ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම ගැටලුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධයෙන් ඔහු ඊයේ අමාත්‍ය මණ්ඩලය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, මේ මොහොතේ කිසිසේත්ම ඉන්ධන මිල වැඩි කිරීමටකට නොයා යුතු බවයි.

ජනතාව මත බර නොපටවා රජය එය දරා ගැනීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර ඉන්ධන මිල ගණන් යළිත් වැඩි කළහොත් බස් ගාස්තු ද ඉහළ දැමිය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමුවහොත් පාඩුව රජය දරාගෙන හෝ බස් ගාස්තුව ඉහළ නොදැමීමේ ක්‍රියාමාර්ගයකට යා යුතු බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහනුවර දී ඊයේ ප්‍රකාශ කළා.

එමෙන්ම, පොහොර අර්බුදය පිළිබදව ද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී අවධානයට ලක්ව තිබෙනවා.

මීට අමතරව කොරෝනා අර්බුදයත් සමග දැනට වසා දමා ඇති පාසල් ආරම්භ කිරීම පිළිබදව ද එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now