ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක් - හේතුව මෙන්න
By Mithu
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට වහාම ක්රියාත්මක වන පරිදි විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා අද (03) නියෝග කළේය.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සැකකරුවෙකු ලෙස නම්කර ඇති නඩුව අද දින කොටුව මහෙස්ත්රාත් අධිකණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.