අපේ ආණ්ඩුව ඇවිදින් ගමේ දුප්පත්කම අවුරුද්දෙන් නැති කළා - නිලන්ති කොට්ටහච්චි

Report

2024 වසරට සාපේක්ෂව බලන කල, 2026 වසර වනවිට රටේ ග්‍රාමීය දිලිඳු ජනගහනය සංඛ්‍යාත්මකව විශාල ප්‍රමාණයකින් අවම කර ගැනීමට වත්මන් රජය සමත් වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පවසයි.

උත්සවයක් අමතමින් ඇය ප්‍රකාශ කළේ, අභියෝග හමුවේ නොසැලෙන ජනරජයක් යනු ප්‍රශ්න හෝ අභියෝග කිසිවක් නොමැති රටක් නොව, ස්වාභාවික ආපදා සහ ආර්ථික අර්බුද හමුවේ වුවද ඒවා නිසි පරිදි කළමනාකරණය කරගනිමින්, සමස්ත මහජනතාවගේ සෘජු සහභාගිත්වය සහිත පාලන ක්‍රමයක් ඇති කිරීම බවයි.

අප්‍රේල් මාසේ මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා - කවුරුත් ආදරය කරන අභිෂේකා කලාවෙන් තාවකාලිකව සමුගනී හේතුව මෙන්න

අප්‍රේල් මාසේ මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වුණා - කවුරුත් ආදරය කරන අභිෂේකා කලාවෙන් තාවකාලිකව සමුගනී හේතුව මෙන්න

රජය සැමවිටම බලාපොරොත්තු වූයේ එවැනි ශක්තිමත් ජනරජයක් නිර්මාණය කිරීමට බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය, ඉදිරියේදී මතු වන සියලුම අභියෝග සහ බාධක සාර්ථකව මෙන්ම සාමූහිකව ජය ගැනීම ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය බවත්, ඒ සඳහා කණ්ඩායමක් ලෙස සමස්ත ආණ්ඩුවම කැපවී සිටින බවත් අවධාරණය කළාය.

ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය සුරක්ෂිත කරමින් සහ රටේ පාලන බලය තවදුරටත් ස්ථාවර කරගනිමින්, ජනතාව බලාපොරොත්තු වූ 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' නැමැති සංකල්පය ගොඩනැඟීම ප්‍රජාශක්ති ව්‍යාපාරය හරහා අපේක්ෂා කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය.

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්

අද දවසේ ග්‍රහ මාරුවෙන් ලග්න කිහිපයකට බලාපොරොත්තු නොවූ අනතුරු ඇඟවීම්