පුත්තලම අහසේ දිස් වූ අත්භූත එළිය පිළිබඳව විශේෂ හෙළිදරව්වක්
By Mithu
පුත්තලම නගරයට ඉහළ අහසේ පෙරේදා අලුයම කාලයේ අසාමාන්‍ය ලෙස දිස් වූ දීප්තිමත් ආලෝක කදම්බයක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි කලබලයටත්, කුතුහලයටත් පත්ව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම අද්භූත ආලෝකය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැහැදිලි කර සිටියේ, එය පෘථිවි වායුගෝලයට ඇතුළු වී ගිනිගත් 'ගිනි බෝල' ගණයට අයත් සුවිශේෂී උල්කාපාතයක් විය හැකි බවයි.