තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව හදිසි දැනුම්දීමක් - අවවාදාත්මක නිවේදනය මෙන්න
තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
අද (03) පෙ.ව. 10.30 ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (04) පෙ.ව. 10.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මුලතිව සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විරින් විට රළු වේ.
එබැවින් එම මුහුදු ප්‍රදේශවල ක්‍රියාත්මක වන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
Advisory for Strong Winds and Rough Seas at 1030hrs on 03 1780463688 by kanchana