හික්කඩුවෙන් පිටත්වූ යාත්‍රාවක සිටි ධීවරයෙක් මුහුද මැදදී අතුරුදන්
හික්කඩුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටව ගිය යාත්‍රාවක සිටි ධීවරයෙකු අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව හික්කඩුව පොලිසිය සදහන් කර තිබේ.
අදාළ යාත්‍රාව හික්කඩුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා ඊයේ (02) පිටව ගොස් තිබූ අතර පසුව එහි සිටි ධීවරයෙකු අතුරුදන්වී ඇති බවට යාත්‍රාවේ හිමිකරු විසින් හික්කඩුව පොලිසියට පැමිණිලි කර තිබේ.
අතුරුදන් වූ ධීවරයා අවුරුදු 53ක් වන මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ධීවරයින් 06 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ධීවර කටයුතු සඳහා අදාළ යාත්‍රාවෙන් පිටව ගොස් තිබූ අතර මුහුදු සැතපුම් 15ක් පමණ දුරදී එක් ධීවරයෙකු අතුරුදන්වී ඇති බවට දැනගෙන ඇත .
එදින රාත්‍රී ආහාර ගැනීම සඳහා සොයා බැලීමේදී මෙලෙස එක් ධීවරයෙකු අතුරුදන්වී ඇති බවට නිරීක්ෂණයවී ඇති අතර පසුව ඒ පිළිබඳව ධීවර යාත්‍රාවේ සිටි සෙසු පිරිස යාත්‍රාවේ හිමිකරු දැනුවත් කිරීමෙන් පසු පොලිසිට පැමිණිලි කර තිබේ