අපි දෙන්නගෙ ආදරේට චතුරිකාගෙ ඇස් වහ වැදුනා ගයාන්ගේ පළමු බිරිද(PHOTOS)

sri lanka Gossip gayan wikramathilaa
By Sithumi Oct 30, 2021 05:22 PM GMT
Sithumi

Sithumi

Report

ගයාන් වික්‍රමතිලක කියන්නේ ලංකාවේ කොයි කවුරුත් දන්න ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක්.ඔහුගේ රංගනයේ වූ තාත්වික බව නිසාම ඔහු වටා එක් රොක් වූ ප්‍රේක්ෂක පිරිස ද අති විශාලයි.ඔහු මේ වන විට විවාහ වී සිටින්නේ ද කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් වන චතුරිකා පිරිස් සමඟයි.

චතුරිකා පිරිස් කියල කියන්නේ ගයාන් දෙවන වරට විවාහ වූ බිරිඳයි.මේ වන විට චතුරිකා සහ ගයාන්ට ආදරණීය හුරතල් දියණියක් සිටින අතර ඇයත් සමග කරන ලද වීඩියෝ ලංකාවෙ බොහෝ දෙනෙක් ඉතාම ආදරයෙන් බලා සිටිනවා.

චතුරිකා පීරිස්ගේද මෙය දෙවන විවාහය වන අතර ඇය පළමු වරට විවාහ වූයේ ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන රොෂාන් පිලපිටිය සමඟයි.කෙසේ නමුත් ඔවුන්ගේ විවාහය දෙදරා ගිය අතර චතුරිකා ගයාන් වික්‍රමතිලක සමග විවාහ වුණා. නමුත් ඔවුන් දෙදෙනාගේ විවාහයත් සමඟ ගයාන් වික්‍රමතිලක පිළිබඳව කතාබහට ලක්වන්නේ ඔහුගේ පළමු බිරිඳ වන ෆර්ෂිනා ලතීෆ් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයත් සමඟයි.ගයාන් වික්‍රමතිලක සහ ඇයට පුතුන් දෙදෙනෙක් සිටින අතර ඔහු ඔවුන් තිදෙනාව හැර දමා චතුරිකා සමග මේ වන විට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරමින් සිටිනවා.ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මේ වගේ දෙයක්. 

   “ගයාන් මාත් එක්ක විවාහ වෙද්දි මට අවුරුදු විස්සක් විතර ඇති.අපි දෙන්නා මුලින්ම හම්බවෙන්නෙ සිරස ටීවී එකේ විකාශය කරපු තරු මන්සල කියන program එක හරහා.මුස්ලිම් තරුණියක් වුණත් මාව විවාහ කරගන්න ගයාන් කැමති වුණා.ඇත්තටම අපි ඉතාම හොඳින් පවුල් ජීවිතය ගත කළා.ගයාන් මට පුදුමාකාර ආදරයකින් හිටියෙ. 

දරුවෝ දෙන්නටත් එහෙමයි.ටික කාලයක් යද්දි මට ගයාන්ගේ පොඩි පොඩි වෙනස්කම් දැනෙන්න ගත්තා.එයා මාවයි දරුවන්වයි මගහරිනවා වගේ මට දැනුනා.පස්සේ මට ආරංචි වුණා ගයාන් චතුරිකා පිරිස් සමග සම්බන්ධයක් පවත්වනවා කියලා.ඒ වෙනකොට චතුරිකා රොෂාන්ව marry කරලා හිටියේ.කුරුලු කූඩුවක් වගේ ආදරයෙන් හිටපු අපි දෙන්නගේ ආදරයට චතුරිකාගේ ඇස් වහ වැදුනා.චතුරිකයි ගයානුයි එක්තරා ටෙලි ටෙලිනාට්‍යයකට රංගනයෙන් දායක වුණා.එතකොට තමයි මේ සම්බන්ධය පටන් අරගෙන තියෙන්නෙ. 

මට මේ දැනෙන දුක ගැන කියන්න වචන නැහැ.පස්සෙ මම ලංකාව අතහැරලා දරුවො දෙන්නව අම්මා ළඟ තියල විදෙස්ගත වුනා.ඊට පස්සේ ගයාන් මගේ ලොකු දරුවාව එයයි චතුරිකයි ළඟට අරගෙන තිබුණා.හැම පැත්තෙන්ම මට උනේ අසාධාරණකම් විතරයි.දැන් එයා කොච්චර සතුටින් හිටියත් අපිට දීපු ගින්දර කවදහරි විදවන්න වෙයි. නමුත් ගයාන් වික්‍රමතිලක මේ පිළිබඳව අදහස් දක්වන්නෙ වෙනස්ම විදිහකට.

ඔහු පවසන්නේ ඔහුගේ කලින් බිරිඳ සහ ඇයගේ දෙමව්පියන් ණය බරිතව සිටි අතර ඔහුගේ ආගමට බැඳෙන ලෙස නිරන්තරයෙන් කරදර කළ බවයි.ඒ වගේම දරුවන් දෙදෙනා ඔහු හට බාර දුන්නේ ඇයගේ දෙමව්පියන් විසින් බව තමයි ඔහු පවසා සිටියේ.

ඔවුන්ගේ කතාව කෙසේ වුවත් ගයාන් සහ චතුරිකා කියන්නේ රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ කලා ශිල්පීන් දෙපලක්.ඉතින් ඔවුන්ගේ වර්තමාන ජීවිතවලට සුබ පතන අතර සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

GalleryGalleryGalleryGalleryGallery
ReeCha