මනමාලියෙක් වගේ සැරසිලා ඉද්දිත් ලොකු අම්ම ඇහුව ආයෙ එන්න හිතෙන්නැද්ද ලොක්කි කියලා (PHOTOS)

Corona virus Covid 19
By Sithumi Oct 15, 2021 04:59 PM GMT
Sithumi

Sithumi

Report

අවුරුදු 21ක යුවතියක් කියන්නේ බොහෝ බලාපොරොත්තුවලිනුත් සැලසුම්වලිනුත් තම සිත පුරවාගෙන ලෞකික ජීවිතයේ ඇලී ගැලී සිටින තරුණියක්.බොහෝ යුවතියන් මෙලෙස වුවත් සසර ගමන කෙටිකර ගැනීමට උත්සාහ කරන ලෝකෝත්තර දිවියට ඇලුම් කරන යුවතියන් නැතුවාම නොවේ.

දිල්මි කියලා කියන්නේ ඒ වගේ සංසාරයේ දුක හඳුනාගෙන එයින් මිදීමේ මාර්ගය සොයා යන පිංවන්ත යුවතියක්.පසුගිය දිනවලදී කා අතරත් ඇය පිළිබඳව කතාබහක් ඇති වුණේ මංගල ඇඳුමෙන් මනාලියක ලෙස සැරසී පසුව උතුම් චීවරයෙන් තම සිරුර සරසා ගත් නිසාවෙනි.දැන් අපිට ඇය හට දිල්මි කියලා ආමන්ත්‍රණය කරන්නට බැහැ

.ඒ මන්ද යත් ඇය දැන් උතුම් බුද්ධ ශාසනයේ මෙහෙණින් වහන්සේ නමක වී සසර ගමන කෙටිකර ගැනීම උදෙසා මහනදම් පුරන නිසාවෙනි.ඉතින් උන්වහන්සේ සහභාගිවූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී උන්වහන්සේගේ එම ගත් තීරණය පිළිබඳව අදහස් දැක්වූයේ මේ අයුරින්. “මං ඇත්තටම කුඩා කාලයේ ඉඳන් පැවිදි වෙන්න ආසාවෙන් හිටියේ.මං මුලින්ම ඒ බව කිව්වේ පන්සලේ පොඩි හාමුදුරුවන්ට.

අපේ ගෙදර හරිම නිස්කලංක පරිසරයක් තියෙන ආගමට දහමට ගොඩක් ලැදී පවුලක්.මගේ අම්මා ඇත්තටම ගොඩක් දුක් වුණා මම මහණ වෙන එකට.ඒක අදටත් එහෙමයි.අපේ ගෙදර සියලුම දෙනා ඉස්සර ඉඳන්ම පන්සලත් එක්ක හරිම කිට්ටුවෙන් හිටියේ.මගේ අම්මා මං ඉපදෙන්න ඉන්නකොට සිල් අරගෙනත් තියෙනවා.මට හැම වෙලාවකම හිතුන දෙයක් තමයි හැම සතුටක්ම තාවකාලිකයි කියන දේ.ඒ නිසාමයි මට මේ ගමන එන්න ඕන වුණේ. 

 ප්‍රේම සම්බන්ධතා ගැන මම කතා කරන්න කැමති නැහැ.මොකද ඒක ගිහි ජීවිතයට අයිති දෙයක්.පෙම්වතුන් කාලේ හිටපු ජවනිකාව විවාහය ඇතුලේ නෑ කියන දේ මම තේරුම් අරගෙන තිබුණේ.හැම පවුලකම වගේ මම දැක්කේ පෙම් කරන කාලේ තිබුණ ආදරය විවාහ වෙද්දී නැති වෙලා යනවා.සාමාන්‍යයෙන් වෙනස්වන හිත් නිසා මුල් කාලේ තිබ්බ ආදරේ නැහැ.ඉතින් මට හිතුනා වෙනස්වන හිත් ලඟ ඉන්න එකේ තේරුමක් නැහැ කියන එක.බොරු තාවකාලික දේවල් වලින් දුකට පත් වන්නේ අපිමයි.

  මම මනමාලියෙක් ලෙස හැඩ වෙනකොට කොයිම වෙලාවකවත් ඒ රූපය පිළිබඳව ඇල්මක් ඇතිවුණේ නැහැ.මගේ ලොකු අම්මා ඒ මොහොතේදීත් මගෙන් ඇහුවා ආයෙ එන්න හිතෙන්නැද්ද ලොක්කි කියලා.මම එවෙලෙ ලොකු අම්මට කිව්වේ මේ ලස්සන පැයකටනෙ ලොකු අම්මෙ කියලා. මට ඕනකම තිබුණේ ඉක්මනටම චීවරය ඇඟලා ගන්න.පවුලෙ කෙනෙක් පන්සලට දුන්නම හතර වරිගයම නිවන් දකිනවා කියනවනේ” යනුවෙන් තමයි මෙහෙණින් වහන්සේ දේශනා කර සිටියේ. 

 නව යොවුන් අවදියෙදිම නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීමට වෙර දරන ඔබ වහන්සේට ඉක්මනින්ම සංසාර දුකින් අත මිදීමට මාර්ගය සොයා ගැනීමට හැකි වේවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now

GalleryGalleryGalleryGalleryGalleryGallery