කැම්පස් සිසුවිය සමග හොටෙල් ගිය කථිකාචාර්යවරයා මාට්ටුවෙයි..රෙදි නැතුව කොට්ටෙන් වහගෙන දුවයි..සිසුවිය ප්‍රභල දේශපාලන බලධාරියෙකුගේ දුවක්..

Political Gossip University Hotel
By Aruna Feb 23, 2022 08:29 AM GMT
Aruna

Aruna

Report

ඔහු ඔබ අපි කවුරුත් ඉතා හොඳින් දන්නා දේශකවරයෙක්. ඒ වගේම ඉතාම දක්ෂ ගුරුවරයෙක්.

මේකත් නොකියාම බෑනෙ. ඔහු සුපිරි ගණයේ වියපත් බඹරෙක්.

විශ්ව විද්‍යාල පද්ධතිය කියලා කියන්නෙ බොහෝ දුරට බහුතරයක් ඉතාම දුෂ්කර ගම් පළාත්වලින් පැමිණෙන, එහෙමත් නැත්නම් ලංකාවේ සිව් දෙසින් එන සාමාන්‍ය පාංතික සිසු පොකුරකින් සැදුම් ලත් එකක්.

හැබැයි මේ කතාව එහෙම සාමාන්‍ය පාංතික එකක් නෙමෙයි.

ඇයට අපි ආශා කියලා නම තියමුකො. ආශා කියලා කියන්නෙ දේශපාලනය තුළ නිතර කියවෙන නමක් තිබුණු බලධාරියෙකුගෙ එකම දුව.

ආශා විශ්ව විද්‍යාලයට ඇතුළ් වෙනකල්ම ඒ තරම් සමාජය එක්ක ගැටුණු කෙනෙක් නෙමෙයි.

කොටින්ම ඇය කැම්පස් එකට උදේ හවා ආවේ ගියෙත් පුද්ගලික මෝටර් රථයක.

ඒ වගේම කැම්පස් එක ඇතුලෙත් ඒ තරම් මිතුරු මිතුරියන් ඇසුරු කළ කෙනෙක් නෙමෙයි.

කථිකාචාර්ය මහතැන කියලා කියන්නෙ ධනයට බලයට බොහොම කෑදර මනුස්සයෙක්. ඒ විතරක් නම් මදෑ.

මිනිහා ගෑනු ශරීරවලටත් බොහොම කෑදරයි. මේ කතාව අපිට කියන්නෙ ආශාගෙ සමකාලීනයෙක්.

"අපි මිනිහට කිව්වේ මල්සරා කියලා. මල්සරාට කොහොමත් ආශාගෙ පැත්තෙන් සෑහෙන තෑගි බෝග එහෙම ලැබිලා තියෙනවා.

ඒ හින්දා ආශාට සෑහෙන්න විභාගවලදි එහෙම මිනිහගෙන් උදව් තිබ්බා.

එක පාරක් මිනිහා සෑහෙන අසාධාරණ වැඩක් කරලා අතේ මාට්ටු වුණා.

මිනිහා පේපර් එකක් පන්නලා ආශාට දීලා තිබ්බා.

ඕක එක පාරක් නෙමෙයි. එකදිගට කීප වතාවක්ම වුණා.

පස්සෙ අපේ උන් මිනිහා ගැන සෑහෙන විමසිල්ලෙන් හිටියේ.

අපේ කට්ටිය මිනිහා ආශා එක්ක යන එන තැන් ඔක්කොම හොයාගත්තා.

වැඩිපුරම ගියපු රෙස්ට් හවුස් එක තමයි අපේ උන් මිෂන් එකට තෝරගත්තෙ.

දෙන්නා එතනට යන වෙලාව බලලා අපේ කට්ටිය එකතු වෙලා ආශාගෙ අම්මයි තාත්තායි මුළු පවුලම එතෙන්ට ගෙන්නුවා.

ආශාගෙ තාත්තා ලේසි පහසු ඩයල් එකක් නෙමෙයි. මිනිහා ගාඩ් එක බස්සලා දෙන්නා හිටපු කාමරේ දොර කැඩුවා.

හෝටලේටත් සෑහෙන්න අලාභානි... කෙල්ලට නම් මොනවා වුණාද කියලා අපි දන්නෙ නෑ.

මොකද සිද්ධියෙන් පස්සෙ ඒකි ආයෙ කැම්පස් එක පැත්ත පළාතෙ ආවේ නෑ.

මිනිහා කාමරෙන් එළියට පැනලා අංගජාතෙ කොට්ටෙකින් වගගෙන පාර දිගේ හෙලුවෙන් දුවලා අරුන්ගෙන් බේරෙන්න.

ඒත් ඉතින් ඔය සේනාවෙන් කොහොම බේරෙන්නද.

පොර සති දෙකකට පස්සෙ කැම්පස් එකට එද්දිත් දෙබරු විද්දා වගේ ඉදිමිලා හිටියේ."

අහෝ නිදහස් අධ්‍යාපනය...!


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha