18 අඩු අයට එන්නත් ලබා ගැනීමට ගූගල් ෆෝම් එකක්? - ඇත්ත මෙන්න
By Sewvandhi
කොවිඩ් මර්දන එන්නත ලබාදීමට වයස අවුරුදු 18 ට අඩු දරුවන්ගේ තොරතුරු ඇතුලත් කරන ලෙස සඳහන් කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්තවන අයදුම්පත්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශය හෝ ඊට අනුබද්ධ කිසිඳු ආයතනයකින් නිකුත් කරන ලද එකක් නොවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා අවධාරණය කරනවා.
එබැවින් ගූගල් ලින්ක් එකක් සහිතව ලැබෙන අදාල පණිවිඩයට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙස රංජිත් බටුවන්තුඩාව මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියා.
මේ අතර වෛද්‍ය අනුමැතිය ලද වහාම අදාළ වයස් කාණ්ඩවල පසුවන පාසල් සිසුන්ට Pfizer එන්නත ලබාදීමට හැකියාව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ. ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කළ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |