ගූගල් ගැන විශේෂ කතාවක්

Google Google birthday
By Sithumi Sep 27, 2021 11:05 AM GMT
Sithumi

Sithumi

Report

Google සමාගමේ 23 වන උපන් දිනය අද දිනට යෙදී තිබේ. එය සැමරීම සඳහා ගූගල් සෙවුම් යාන්ත්‍රණයේ විශේෂ උපන් දින කේක් සැරසිල්ලක් සහිත Doodle එකක් පළ කර ඇත. ගූගල් පදනම 1997 වසරේදී ආරම්භ කෙරුණ ද, එය සමාගමක් ලෙස නිල වශයෙන් ආරම්භ කරන ලද්දේ, 1998 වසරේ සැප්තැම්බර් මස 27 වන දාය. 

 1997 වසරේදී ගූගල් සම නිර්මාතෘ සර්ගේ බ්‍රින්, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ අතර, ලැරී පේජ් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අයැදුම් කර තිබිණි. ඊළඟ වසරේ එනම් 1998 වසරේදී ඔවුන් දෙදෙනා එක්ව ගූගල් සෙවුම් යාන්ත්‍රණය නිර්මාණය කළහ. 

එය, Google Inc. ලෙස නිල වශයෙන් සමාගමක් බවට පත් වූයේ, 1998 වසරේදීය. මේ වන විට වෙබ් ශ්‍රේණිගත කිරීම් අනුව ලොව වැඩි ම දෙනෙකු භාවිත කරන වෙබ් පිටුව මෙයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now