විරෝධතා මැද විදුලි බිල ගැන ආපු අලුත්ම සුබාරංචිය
ලංකා විදුලි බල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවට ප්‍රකාශ කරයි.
ඒ 18.3%කින් විදුලි ගාස්තුව ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය කර ඇති යෝජනාව සම්බන්ධයෙන් බව සඳහන්.
ඒ අනුව මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ නැංවීමට යෝජනා කර තිබුණ ද මහජන උපයෝගීතා කොමිසම ඊට විරෝධය පළ කර තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි විදුලි ගාස්තු ඉහල නැංවීමට වූ අනුමැතිය මුදල් අමාත්‍යංශයෙන් ද ලැබී ඇති බවට වාර්තා වේ.
කෙසේ වුවත් අද දිනයේ මහජන උපයෝගීතාව කොමිසම විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව තම මතය පැවසීමට නියමිතයි.
එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද රජයට දැඩිව ප්‍රකාශ කර ඇත්තේ විදුලි ගාස්තුව 18.3%කින් ඉහළ දැමිය යුතු බවයි වාර්තා වන්නේ.