කරන්න අප්පිරිය උනත් ඇත්තටම හොද පුරුදු 8 ක්..!

eat cleaning habits Barth relaxing
By Sewvandhi Oct 06, 2021 05:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

යම් කිසි දෙයක් පුරුද්දක් බවට පත්වීමට දින 21ක් ගත වන බව අපි අසා තිබුණත් ඒ බව ප්‍රයෝගිකව ඔප්පු වී නැහැ. මෑත කාලීන අධ්‍යන වලට අනුව හැසිරීමේ වෙනසක් ඉබේම සිදු වන දෙයක් බවට පත්කර ගැනීමට නම් අවම වශයෙන් ඔයාට දින 66ක්වත් අවශ්‍ය වෙනවා. කොහොම වුණත්, නුසුදුසුයි කියා අපි සලකන සමහර පුරුදු සිදු කිරීම පිළිබඳව සිතා බැලීම නරක දෙයක් නෙවෙයි. අප්‍රසන්න යැයි කියා සලකන සමහර පුරුදු ඇත්තටම අපේ සෞඛ්‍යට හොඳයි. එවැනි පුරුදු ලැයිස්තුවක් මෙහි දැක්වෙනවා.

01. ස්නානය කරන අතරතුර මුත්‍රා කිරීම

ස්නානය කරන අතරතුර මුත්‍රා කිරීම ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම නුසුදුසුයි කියා සිතුවත්, සමීක්ෂණයකට අනුව මිනිසුන් 75%ක්ම අවම වශයෙන් ජීවිතයේ එක් වරක් හෝ මෙය කර තිබෙනවා. ඇත්තටම මේක ලැජ්ජාවට කාරණයක් නෙවෙයි. මුත්‍රා වල අඩංගු වන යූරික් අම්ලය හා ඇමෝනියා මඟින් කකුලේ ඇඟිලි වල හටගන්නා දිලීර ආසාදන වළක්වනවා. ඒ වගේම මෙමඟින් වතුර බිලට වගේම ටොයිලට් පේපර්ස් වලට යන වියදමත් අවම කරගන්න පුළුවන්.

කරන්න අප්පිරිය උනත් ඇත්තටම හොද පුරුදු 8 ක්..! | Good Habits For Life

02. කෙළ ගැසීම 

පොදු ස්ථාන වල කෙළ ගැසීම අප්‍රසන්න දෙයක් වුණත් ව්‍යායාමවල නිරත වන අතරතුර කෙළ ගැසීමෙන් හුස්ම ගැනීමට පහසු වෙනවා. සාමාන්‍යයෙන් අපි හුස්ම ගන්නේ නාසයෙන්. මෙමඟින් වාතය උණුසුම් සහ වඩා ආර්ද්‍ර කර, ශරීරයට වඩාත් ඵලදායිව ඔක්සිජන් අවශෝෂණය කිරීමට ඉඩ ලබා දෙනවා. ව්‍යායාම කරන විට, අපි මුඛයෙන් හුස්ම ගැනීමට නැඹුරු වන නිසා වැඩිපුර කේඨය නිෂ්පාදනය වන අතර එමඟින් හුස්ම ගැනීමේ රටාවට බාධා වෙනවා. දිවීමෙන් පසු අමතරව නිෂ්පාදනය වී තිබෙන ශ්ලේෂ්මලය ඉවත් කිරීම ඇත්තටම සාමාන්‍ය දෙයක්.

කරන්න අප්පිරිය උනත් ඇත්තටම හොද පුරුදු 8 ක්..! | Good Habits For Life

03. චුවින්ගම් කෑම

චුවින්ගම් වල කිසිඳු පෝෂකයක් අඩංගු නොවුණත්ඩ, කැෆීන් වලට සාපේක්ෂව වඩා හොඳින් පාඩම් කිරීමට සහ විභාග වලට මුහුණ දීමට අත්වැලක් වන බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. චුවින්ගම් සැපීමෙන් අවධානය යොමු කිරීමට පහසු වනවා, ආතතිය අවම වනවා, කෝටිසෝල් මට්ටම වර්ධනය කර හෝමෝන සමතුලිත කරනවා.

කරන්න අප්පිරිය උනත් ඇත්තටම හොද පුරුදු 8 ක්..! | Good Habits For Life

04. අධෝවාතය පිට කිරීම

සිදු වන බව නොදන්නවා වුණත් ඔයාගේ ශරීරය දිනකට 14 වතාවක් පමණ අධෝවාතය පිට කරන අතර ඉන් 3-5ක් පමණ පිට වන්නේ රාත්‍රී නින්ද අතරතුරයි. නියමයක් ලෙස, ආහාර ගැනීමෙන් පැය 6ක් පමණ ගත වූ පසු ආහාර ජීර්ණ මාර්ගය කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් නිෂ්පාදනය ආරම්භ කරන අතර ඒවා ශරීරයෙන් ඉවත් කරගැනීමට අධෝවාතය පිට කිරීම උපකාරී වෙනවා. වාතය පිට නොකර තබා ගැනීමට උත්සහ කරන විට යටිබඩෙහි වේදනාවක් හෝ බඩ පිපුමක් ඇති වනවා.

කරන්න අප්පිරිය උනත් ඇත්තටම හොද පුරුදු 8 ක්..! | Good Habits For Life

05. රාමතෙල් හැරීම

ලොකු ආහාර වේලක් ලබා ගැනීමෙන් පසු රාමතෙල් එනම් ගුඩුස් පිටකිරීමෙන් බඩේ තියෙන වාතය පිට කිරීම වඩා හොඳයි. එසේ පිට නොකර සිටීමෙන් ගැස්ට්‍රික් අම්ලය උගුරට ඒම හේතුවෙන් පපුවේ කැක්කුමක් ඇති වෙන්න පුළුවන්. දවසක් ඇතුලත් අනවශ්‍ය පරිදි රාමතෙල් පිට කරනවා නම් එය අම්ල ප්‍රතිවාහ රෝගයේ ලක්ෂණ විය හැකි නිසා වහාම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න.

කරන්න අප්පිරිය උනත් ඇත්තටම හොද පුරුදු 8 ක්..! | Good Habits For Life

06. නියපොතු හැපීම

නියපොතු හපන විට නියපොතුවල සහ ඊට පහලින් තිබෙන බැක්‍ටීරියාවලින් කොටසක් ශරීරයට ඇතුළු වෙනවා. මේ නිසා එම බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තීකරණ පද්ධතිය විසින් සුදු රුධිරාණු නිපදවා ඇතුළු වූ බැක්ටීරියා විනාශ කිරීමට ප්‍රති බැක්ටීරියා නිපදවනවා. මේ නිසා කිසියම් බැක්ටීරියාවක් දෙවන වතාවට ශරීරයට ඇතුළු වුවහොත් වසා සෛල පවතින නිසා පෙර සූදානමක් ඇතිව එයට මුහුණ දීමට හැකි වෙනවා. අධ්‍යන වලින් හෙළිවන අන්දමට ඇඟිලි උරන, නියපොතු හපන පුංචි ළමයින්ට අනාගතයේදී අසාත්මිකතා වැළඳෙන සම්භාවිතාවය අවම වෙනවා.

කරන්න අප්පිරිය උනත් ඇත්තටම හොද පුරුදු 8 ක්..! | Good Habits For Life

07. නාසයට ඇඟිල්ල දමා සොටු කෑම

සමහර අධ්‍යන වලට අනුව මෙම අප්‍රසන්න පුරුද්ද ඔයාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වර්ධනය කරනවා. මීට හේතුව සොටු වල අඩංගු වන ඛේට මියුසීන මඟින් ආවාට ඇති කරවන බැක්ටීරීයා වලට විරුද්ධව සටන් කරනවා. සොටු කන විට ප්‍රතිශක්තීකරණ පද්ධතිය උත්තේජනය වීමෙන් ශරීරයේ සුදු රුධිරානු මුදා හැර මේ ආකාරයේ බැක්ටීරියා වලින් ශරීරය ආරක්ෂා කරගැනීමට හැකි වෙනවා.

කරන්න අප්පිරිය උනත් ඇත්තටම හොද පුරුදු 8 ක්..! | Good Habits For Life

08. ස්නානය කිරීම කල් දැමීම

දිනපතාම ස්නානය කිරීමෙන් සමෙහි සහ හිසකෙස්වල තෙතමනය රඳවා ගනිමින් ආරක්ෂාකාරීව තබා ගැනීමට යොදා ගන්නා අත්‍යවශ්‍ය තෙල් සෝදා ඉවත් වෙනවා. සබන් භාවිතා නොකර උණු වතුර ස්නානය කිරීමෙන්ද සමෙහි ප්‍රත්‍යස්ථතාවයට සහ බැබලීමට හේතු වන හිතකර බැක්ටීරියා විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. මේ නිසා සතියකට වරක් හෝ දෙවරක් ස්නානය කල් දැමීම ඇත්තටම ස්වාභාවිකයි වගේම සෞඛ්‍ය සම්පන්නයි.  

කරන්න අප්පිරිය උනත් ඇත්තටම හොද පුරුදු 8 ක්..! | Good Habits For Life

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha