රත්තරන් මිල නැවතත් ඉහළට..
gold price
srilanka news
goldpricesrilanka
srilanka gold price
By Gagana
ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිල මාස දෙකකට ආසන්න කාලයකට පසුව ඉහළතම මිල වාර්තා වෙමින් මෙම සතියේදී සියයට 1.4 කින් ඉහළ ගොස් තිබේ.
ලෝක රත්තරන් වෙළෙඳපොලේ අද රත්තරන් අවුන්සයක් ඩොලර් 1,807 කට අළෙවි විය.
හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොළේ කැරට් කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 107,250 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 117, 000 කට අද අළෙවි විය.
ශ්‍රී ලංකාව තුළ මේ මස මුල කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 107, 800 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 116, 500 අළෙවි වූ අතර හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ ලෝක වෙළෙඳපොළේ රත්තරන් මිලේ වර්තමාන උච්ඡාවචනය සැළකිය නොහැකි තරම් බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |