රන් දිනූ රන්සිළු ලංකාවට

Report

 ඇමෙරිකාවේ පැවති 38 වන “ආර්නෝල්ඩ් ක්ලැසික් ස්පෝට්ස් ” ( Arnold Classic Sports ) තරගාවලියට ආසියානූ මහාද්වීපය නියෝජනය කරමින් සහභාගී වූ , ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක , එහිදී රන් පදක්කම් දෙකක් සහ ” ප්‍රෝ ” ඉසවේ බද පටිය ද දිනා ගෙන අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

එය ලොව විශාලතම කායවර්ධන සහ සවිඑසවීමේ තරගාවලියයි 

මෙම තරගාවලිය සුදුසුකම් සපුරා ඇති ලෝකයේ රටවල් 10 ක ක්‍රීඩකයින් පමණක් සහභාගී වී ඇත.

එය ඉකුත් 03/06 දින සිට 03/10 දින දක්වා ඇමෙරිකාවේ ඔහියෝ නුවර පවත්වා තිබුණි . මෙම තරගාවලියට සමස්ථ ආසියානූ මහාද්වීපය නියෝජනය කරමින් සහභාගී වීම සදහා සුදුසුකම් ලබා තිබුණේ ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලකයි.

එහිදී ” ඩෙඩ් ලිෆ්ට් ” ඉසව්වෙන් තරග කළ රන්සිළු , කිලෝ ග්‍රෑම් 320 ක් ඔසවමින් ඇමෙරිකානු ක්‍රීඩකයා පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් ව ඇත.

  එසේම මෙම තරගාවලියේ පැවති ” සවිඑසවීමේ ” ( Power Lifting ) ඉසව්වෙන් කිලෝ ග්‍රෑම් 720 ක් ඔසවමින් මැක්සිකානු ක්‍රීඩකයා පරාජයට පත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට රන්සිළු සමත් විය.

වනිඳුගේ IPL බලාපොරොත්තුව අහිමිවෙයි - දුනිත්ට PSL වරම්

වනිඳුගේ IPL බලාපොරොත්තුව අහිමිවෙයි - දුනිත්ට PSL වරම්

එම ජයග්‍රහණයන් දෙකත් සමග රන්සිළු ජයතිලක වෙත ” ප්‍රෝ ” බද පටිය දිනා ගැනීමට අවස්ථාව හිමි ව ඇත. මෙවන් උසස් ජයග්‍රහණයන් ශ්‍රී ලාංකික සවි එසවීමේ ක්‍රීඩකයෙකු හිමි කර ගත් පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.

ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සංධිස්ථානයක් සනිටුවහන් කළ ජයග්‍රහණයට අදට වසර 30ක්

ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සංධිස්ථානයක් සනිටුවහන් කළ ජයග්‍රහණයට අදට වසර 30ක්