රන් මාල කොල්ලකරුවකු ඇල්ලූ පොලිස් සැරයන්වරයකුට සිදු කල දේ

Sri Lanka Police Galle Sri Lanka
By Sithumi Aug 13, 2022 01:54 PM GMT
Sithumi

Sithumi

Report

ගාල්ල උණවටුන වැල්ලේ දේවාලයේ වාර්ෂික මංගල්‍යයට පැමිණි ග්‍රාමනිලධාරිනියකගේ ගෙල බැදි රන්මාලයක් කොල්ලකෑ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් සැරයන්වරයකු අද දිනයේම ඇගයීමට ලක් කිරීමට ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කළා.

අද අලුයම අදාළ සිද්ධිය සිදුව ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු පාසල් සිසුවෙකු බවයි පොලිසිය සදහන් කළේ.

පොලිසියට අනියුක්තව සේවය කරන අදාළ පොලිස් සැරයන්වරයා සැකකරු ලුහුබැද ගොස් අත්අඩංගුවට ගෙන තිබූ අතර නිලධාරීන් දිරිමත් කිරීමෙන් අරමුණින් අද දිනයේම මෙම ඇගයීම සිදුකළ බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ පැවැසුවා.

...................................................................................

YOU MAY LIKE THIS VIDEO

මනෝ ගනේෂන්ගෙන් හදිසියේම සැර ප්‍රකාශයක්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW