පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථාන සරණාගතයින්ට වහාම රටවල් බලා පිටත්ව යන්න නියෝගයක්
By Kanchana
වහාම සිය රට බලා පිටත්ව යන්නැයි සියලු ඇෆ්ගනිස්තාන සරණාගතයින්ට පාකිස්ථානය නියෝග නිකුත් කර තිබේ.
ඒ අනුව වලංගු පකිස්ථාන වීසා බලපත්‍ර හිමි ඇෆ්ගනිස්ථාන ජාතිකයින්ට පමණක් සිය රට තුළ සිටීමට අවසර හිමිවන බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් විසින් ප්‍රකාශ කර තිබේ.
තවද සියළු සරණාගත කදවුරු වසා දමන්නට ද නියෝග කරන ලදි.
දශක ගණනාවක සිටම යුද්ධය නිසා පීඩාවට පත් අසල්වැසියන් වන ඇෆ්ගනිස්ථානයට මෙලෙස ලබාදුන් සහයෝගය අවසන් වන බව සදහන් කරන ලදි.
ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ පාකිස්ථානයේ පවතින ඉඩම් සහ දේපොළ මිලියන 250 ක් පමණ වන එරට වැසියන්ට පමණක් අයත් ඒවා වන බවයි.
ඇෆ්ගනිස්ථාන සරණාගතයින්ට පිටව යාම සඳහා අතිරේක පිටවීමේ දොරටු නිර්මාණය මේ වන විටත් ආරම්භ කර තිබේ.