ඥානසාර හිමියන්ට යුක්තිය ඉල්ලා මහනුවරින් පටන් ගත්ත මහා පාද යාත්‍රාව අද 4 වෙනි දිනටත් - කොළඹට එන ගමන මෙන්න
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 සහ 2 යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, ලබන 16 වැනිදා සිට සංචාරකයින්ට එම කලාප නැරඹීම සඳහා අවස්ථාව හිමිවනු ඇත.
පැවති දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ වන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ උද්‍යානයේ මාර්ග පද්ධතියේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීමේ අරමුණින් පසුගිය සැප්තැම්බර් 14 වැනිදා සිට මෙම කලාප වසා දැමීමට පියවර ගෙන තිබුණි.
මේ අතර, උද්‍යානය යළි විවෘත කිරීමත් සමඟ සංචාරක නිවාස සහ කඳවුරු බිම් වෙන්කරවා ගැනීම සඳහා නොවැම්බර් 1 වැනිදා සිට අවස්ථාව ලබාදීමට ද නියමිතව තිබේ.