''ඇත්ත වීඩියෝවක්ද,බොරු වීඩියෝවක්ද'' - දේශපාලනඥයන්ට සහ මාධ්‍යවේදීන්ට හඳුනාගන්න YouTube වෙතින් අලුත් මෙවලමක්

Report

Likeness Detection ලෙස හඳුන්වන මෙම මෙවලම, මීට පෙර YouTube හි ගීත සහ චිත්‍රපට ඇතුළු අන්තර්ගතයන්හි හිමිකම් ආරක්ෂා කිරීමට භාවිත කරන Content ID පද්ධතියට සමාන ආකාරයකින් ක්‍රියා කරයි.

මෙම තාක්ෂණය මඟින් පුද්ගලයකුගේ මුහුණ සහ කටහඬට සමානකම් ඇති AI මඟින් නිර්මාණය කළ ඩිජිටල් අනුකරණ හඳුනාගැනීමට හැකියාව ලැබේ.

මෙම නියමු ව්‍යාපෘතිය යටතේ තෝරාගනු ලබන දේශපාලනඥයන්ට සහ මාධ්‍යවේදීන්ට YouTube Studio හරහා විශේෂ පාලක පුවරුවක් (Dashboard) ලබාදීමට නියමිතය.

එමඟින් තම අවසරයකින් තොරව රූපය හෝ කටහඬ භාවිත කර නිර්මාණය කර ඇති වීඩියෝ පරීක්ෂා කිරීමටත්, අවශ්‍ය අවස්ථාවලදී ඒවා ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත් ඔවුන්ට හැකි වේ.

මෙවලම ලබාගැනීමට අනන්‍යතාව තහවුරු කළ යුතුයි

මෙම පහසුකම ලබාගැනීම සඳහා අදාළ පුද්ගලයන් සත්‍යාපන ක්‍රියාවලියකට යටත් විය යුතුය. ඒ අනුව, රජය විසින් නිකුත් කරන ලද පිළිගත් හැඳුනුම්පතක් සහ තමන්ගේ මුහුණ ඇතුළත් වීඩියෝවක් (Selfie Video) ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කළ යුතුය.

එම ක්‍රියාවලියේදී ලබාගන්නා පෞද්ගලික දත්ත Google සමාගමේ AI මාදිලි පුහුණු කිරීම සඳහා භාවිත නොකරන බවට ද YouTube ආයතනය සහතික වී තිබේ.

අකුරැස්ස යට වෙයි - ගංවතුර තත්ත්වයක්

අකුරැස්ස යට වෙයි - ගංවතුර තත්ත්වයක්

උපහාසාත්මක වීඩියෝවලටත් බලපෑමක් තිබේද?

මෙම මෙවලම හඳුන්වාදීමත් සමඟ දේශපාලනඥයන්ට හෝ මාධ්‍යවේදීන්ට අදාළ වීඩියෝ ඉවත් කිරීමේ ඉල්ලීම් ඉදිරිපත් කළ හැකි වුවද, සාධාරණ විවේචන සහ උපහාසාත්මක නිර්මාණ තහනම් කිරීම සඳහා එය භාවිත කිරීමට ඉඩ නොදෙන බව YouTube අවධාරණය කරයි.

ඒ අනුව, වීඩියෝවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ඉල්ලීම් YouTube හි මහජන යහපතට අදාළ ප්‍රතිපත්ති අනුව සමාලෝචනය කෙරේ.

පැහැදිලිවම උපහාසය හෝ දේශපාලන විවේචනය සඳහා නිර්මාණය කර ඇති වීඩියෝවලට අදාළව ද එම ප්‍රතිපත්ති සැලකිල්ලට ගැනීමට නියමිතය.

AI ව්‍යාජ වීඩියෝ පාලනයට නව පියවරක්

පුද්ගලයන්ගේ රූප සහ කටහඬ අනුකරණය කරමින් නිර්මාණය කරන ව්‍යාජ වීඩියෝ ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීමේ අවදානම ඉහළ යමින් පවතින පසුබිමක මෙම මෙවලම හඳුන්වා දී තිබේ.

විශේෂයෙන්ම දේශපාලන ප්‍රකාශ හෝ මාධ්‍ය වාර්තා ලෙස පෙනී සිටින AI වීඩියෝ හඳුනාගැනීම සඳහා මෙම තාක්ෂණය වැදගත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Google සමාගමේ Veo ඇතුළු නවීන AI වීඩියෝ නිර්මාණ තාක්ෂණයන් ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක, පුද්ගල අනන්‍යතාව අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීමට ගන්නා පියවරක් ලෙස ද මෙය සැලකේ.

ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයේ මේ නීති ප්‍රතිසංස්කරණය නොකළොත් ශ්‍රී ලංකාවට වෙන දේ - රතු එළියක්

ශ්‍රී ලංකා ඇඟලුම් කර්මාන්තයේ මේ නීති ප්‍රතිසංස්කරණය නොකළොත් ශ්‍රී ලංකාවට වෙන දේ - රතු එළියක්