පැනමාව නැවතත් දෙදරා යයි- රික්ටර් මාපකයේ 6ක තවත් ප්‍රබල භූකම්පනයක්

By Kanchana Oct 13, 2026 04:18 AM GMT
Report

මධ්‍යම ඇමෙරිකානු රාජ්‍යයක් වන පැනමාවේ රික්ටර් මාපකයේ 6ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූකම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 35ක ගැඹුරින් සිදුව ඇති බව භූ විද්‍යා නිලධාරීන් තහවුරු කර තිබේ

මේ අතර, ඉකුත් සිකුරාදා දිනයේදී ද පැනමාවේ රික්ටර් මාපකයේ 7.7ක අතිශය ප්‍රබලත්වයෙන් යුත් දැවැන්ත භූකම්පනයක් සිදුව තිබූ අතර, ඉන් අනතුරුව මේ දක්වා පසුකම්පන (Aftershocks) 300කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මෙම ආපදා තත්ත්වය හමුවේ එරට රජය විසින් ජාතික හදිසි තත්ත්වයක් (National State of Emergency) ප්‍රකාශයට පත් කර ඇති අතර, මුදාගැනීමේ සහ සහන සේවා කටයුතු වේගවත් කර තිබේ. 

වාර්තා වී ඇති තොරතුරුවලට අනුව මෙම භූකම්පන මාලාව හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නොමැති වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත්, අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, නිවාස 900කට ආසන්න සංඛ්‍යාවකට සහ ප්‍රධාන යටිතල පහසුකම් රැසකට දැඩි හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අද රෑ ඉඳන් දවස් 3කට මි.මී. 150 තද වැසි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයෙන් කාලගුණයෙන් ආපු හදිසි නිවේදනය මෙන්න

අද රෑ ඉඳන් දවස් 3කට මි.මී. 150 තද වැසි - බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයෙන් කාලගුණයෙන් ආපු හදිසි නිවේදනය මෙන්න

ඔබේ දරුවාත් අන්තර්ජාලයේ අඳුරු පැත්තට බිලිවෙලාද? මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් හදිසි අනතුරු ඇඟවීමක්

ඔබේ දරුවාත් අන්තර්ජාලයේ අඳුරු පැත්තට බිලිවෙලාද? මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් හදිසි අනතුරු ඇඟවීමක්