දුෂ්කර රෝහල් ලැයිස්තුව 128කින් අඩු කරලා GMOA වෙතින් රතු එළියක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා විසින් වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම සහ දුෂ්කර සේවා ස්ථාන මාරු ක්‍රියාවලිය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන අක්‍රමිකතා නිවැරදි නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව සදහන් කර තිබේ.
එතුමා සදහන් කළේ මෙම අක්‍රමිකතා හෙට (31) උදෑසන 8 වන විට නිවැරදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ නම් අද (30) දින රැස්වන විධායක කාරක සභාව සහ මධ්‍යම කාරක සභාව මඟින් ගන්නා තීරණය ක්‍රියාවට නංවන බවයි.
දුෂ්කර සේවා ස්ථාන 393කින් සමන්විත වූ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව, කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ පාර්ශ්වකරුවන්ගේ එකඟතාවක් නොමැතිව සහ ස්ථානමාරු මණ්ඩලයේ අනුමැතියකින් තොරව සේවා ස්ථාන 265ක් දක්වා අඩු කරමින් ආයතන 128ක් කප්පාදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව ඔහු පෙන්වා දෙන ලදි.
ඒ වගේම එතුමා සදහන් කළේ කිසිදු සෞඛ්‍ය සේවා ස්ථානයක පහසුකම් පසුගිය කාලයේදී වර්ධනය වී නොමැති අතර ඇතැම් රෝහල් පෙරටත් වඩා දුෂ්කරතා සහිත සේවා ස්ථාන බවට පත් වී තිබෙන බවයි .
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ස්වාධීන විය යුතු බවත් එය දේශපාලනීකරණය වීම කිසිසේත්ම නොවිය යුතු බවත් එතුමා අවධාරණය කර තිබේ.
ඒ වගේම එතුමා සදහන් කරන්නේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු දේශපාලනීකරණය කිරීමට කටයුතු කරන ඕනෑම රජයකට එරෙහිව සංගමය ක්‍රියාත්මක වන බවත් වෛද්‍ය පත්වීම් දේශපාලනීකරණය වීමක් කිසිසේත්ම සංගමය අපේක්ෂා නොකරන බවයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස මහතා තව දුරටත් සදහන් කරන්නේ පක්ෂ, විපක්ෂ කවර හෝ දේශපාලනඥයකුගේ හෝ කණ්ඩායමකගේ අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ප්රමුඛ සෞඛ්‍ය සේවකයන්, රාජ්‍ය සම්පත් සහ මහජන බදු මුදල් අවභාවිත කිරීමට ගන්නා උත්සාහය සංගමය තරයේ විරුද්ධ බවයි.