GMOA වෙතින් රතු එළියක් - රෝගීන්ට වෙන්නේ මේකයි - රජයට අනතුරු අඟවයි[UPDATE]

Report

සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ආරම්භ කළ නව ව්‍යාපෘතියක් වන, ආරෝග්‍යා ව්‍යාපෘතියෙන් මාර්තු 2 වෙනිදා සිට ඉවත්වීමට මධ්‍යම කාරක සභාව ඒකමතික තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ප්‍රකාශ කර ඇත.

ඒ සිය ඉල්ලීම්වලට රජයෙන් මේ වන තෙක් යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන්. එසේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර රෝගී ජනතාව සමඟ මෙම ගැටලුව විසඳා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, ඔවුන්ට අවම හිරිහැරයක් වන අයුරින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

වෛද්‍යවරු සායනවලින් ඉවත්වෙයි - හේතුව මෙන්න

වෛද්‍යවරු සායනවලින් ඉවත්වෙයි - හේතුව මෙන්න

තම සංගමය මේ පිළිබඳව උපරිම නම්‍යශීලී ආකාරයට කටයුතු කළ ද රජය සිය ඉල්ලීම් පිළිබඳව යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම කණගාටුවට කරුණක් වන බවද වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පැවසුවේ,

''මේ වෙනකොට අපි දන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක නියැලිලා ඉන්නවා. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවේ නියැලිලා ඉන්නේ මහජනතාවට සහ මේ රෝගී ජනතාවට අවම හානියක් සිද්ධ වෙන විදිහටත් රජයට අවශ්‍ය පණිවිඩය දැනෙන ආකාරයෙන් ලබා දෙන විදිහටත්. නැතුව අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන්න බැරුව හරි, මීට වඩා ලොකු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට යන්න බැරිකමක් නිසා නෙමෙයි. අපිට අවශ්‍ය නෑ මේ රෝගී ජනතාවත් එක්ක මේ ප්‍රශ්නය විසඳගන්න. අපිට අවශ්‍යවෙලා තියෙන්නේ රජයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යවරයාත් හා වගකිවයුතු පාර්ශවයන් සමග මේ ගැටළුව විසඳගන්න. නමුත් කියන්න කණගාටුයි අපි මේ විදිහට පුළුවන් උපරිම ආකාරයට නම්‍යශීලී වෙලා කටයුතු කරද්දී රජයේ පාර්ශවයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් ඉතාමත්ම උද්දච්ච විදිහට තමා වැඩ කරන්නේ. 23,000කට අධික වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න ඒකමතිකව එක හඬින් අපි ඉදිරිපත් කරනවා රජයකට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට, මේ ප්‍රශ්න විසඳන්න කියලා. සමහර ඒවා ගොඩක් කල් ඇදි ඇදී තියෙන ප්‍රශ්න. සමහර ඒවා ආණ්ඩුවෙන්, මහ භාණ්ඩාගාරයෙන් සත පහකවත් වියදමක් යන්නේ නැතිව විසඳන්න පුළුවන් ප්‍රශ්න. ඒවා එක පෑන් පාරෙන් විසඳන්න පුළුවන්. ඉතින් මේ එකක්වත් විසඳන්නේ නැහැ... එතකොට එතනින් එහාට ගියාට පස්සේ මේ සම්බන්ධව අපි දිගටම පසුගියදා පැවතුණු මධ්‍යම කාරක සභා රැස්වීමේදීත් කතා කරා. මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සහ මේ ආණ්ඩුවේ තියෙන මේ උද්දච්ච ප්‍රතිචාරය සම්බන්ධව අපි ඉදිරියට කටයුතු කරන්නේ කොහොමද කියන එක පසුගිය 25වනදා තිබුණු මධ්‍යම කාරක සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.''  

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

සෑම පුරවැසියෙකුටම සුබ ආරංචියක් - ආයේ රස්තියාදු වෙන්න ඕනේ නෑ සියලු රාජ්‍ය සේවාවන් එක්තැනකින්

උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර

උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් - ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07කට පෙර